හිරු මාධ්‍ය ජාලයේ වටිනාකම ඩොලර් මිලියන 900ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 270කට අධික බව හිරු fm වෙබ් අඩවිය පවසනවා.
ඔවුන්ගේ මාධ්‍ය ආයතනය සම්බන්දයෙන් දක්වා ඇති සවිස්තර වාර්තාවේ සදහන් වන්නේ එම ආයතනයේ සේවකයන් 1200කර අධික පිරිසක් සේවය කරන බවයි.
ගුවන් විදුලි නාලිකා 5ක් සහ රුපවාහිනී නාලිකාවක් සතු මේ මාධ්‍ය ජාලයේ තනි හිමිකරු වන රෙයිනොර් සිල්වා බවත් ඔහුට ආයතනයෙන් කොටස් වලින් සීයට 99.9ක්ම අයිති බවයි වෙබ් අඩවියේ සදහන් වන්නේ.
මේ අනුව IMF යෝජනා අනුව ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිත ධනවතුන්ගේ ධනයට පනවන බදු යෝජනාව හරහා හිරු මාධ්‍ය ජාලයට විශාල බදු මුදලක් ගෙවීමට සිදුවනවා.