හෙට සියලු දෙනාම පාසලට වාර්තා කරන ලෙස වැඩ බලන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සියලු ගුරුවරුන්ගෙන් ආයාචනා කරනවා.
ගුරු සේවා වැටුප් වැඩි කර තිබිය දී සමස්ත රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රු. 10,000/= දීමනාව ගුරුවරුන්ට ද ලබා දීමට ජනාධිපතිතුමන් කටයුතු කළා.රජයට කළ හැකි උපරිමය ගුරු වැටුප් වෙනුවෙන් කර තිබෙනවා.වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා”