

Hot News
හෙද නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හෙට
නවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට (17) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කළ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු නවක හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට නියමිතය.
ගුණාත්මක හා ප්‍රශස්ත රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.
2023.11.22 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදෙනු ඇත.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 42,000 කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර මෙම නවක හෙද හෙදියන් 2519 දෙනා සෞඛ්‍ය සේවවාට එක්වීමත් සමඟ එම ප්‍රමාණය 45,000 ක ප්‍රමාණය ඉක්මවනු ඇත.
මේ වන විට දිවයින පුරා හෙද පුහුණු පාසල් 16 ක හෙද සිසු සිසුවියන් 6500 අධික ප්‍රමාණයක් පුහුණු පාඨමාලාවල නිරත වේ. එම පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එම පිරිස ද මෙරට රෝගී සත්කාර සේවාවට එක් කර ගැනීමට නියමිතය.
එමෙන්ම විශ්ව විද්‍යාල මගින් හෙද උපාධිය හදාරා හෙද සේවයට 500 ක පමණ ප්‍රමාණයක් හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කරමින් පවතී.
Hot News
Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

අද පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.
බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිටියේය.
Hot News
Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ මළසිරුර ඇය දියේ ගිළී අතුරුදහන් බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5 ක් පමණ ඈතින් පිහිටී ඇල ඉවුරක තිබී අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බවත් ඇයගේ ඥාතියෙකු විසින් මළසිරුර හදුනාගෙන ඇති බවත් පොලිසිය කීය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කල පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිසිය පරීක්ෂණ කල බවත් ඒ සදහා මාකෝ පොලිස් නිළ සුනඛයාගේ සහයද ලබාගෙන තිබුණි.
තරුණිය දින 27 දා රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණිය පැළද සිටී සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකල අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න- කළුතර)
Hot News
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

ඊයේ දිනය පුරා බණ්ඩාරගම ,පානදුර, කළුතර ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මංකොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ දී මොරොන්තුඩුව ගෝනදූව ඉන්ධන පිරවුම්හලට තියුණු ආයුධ දෙකක් ද රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි තිබෙනවා.
එම අවස්ථාවේ ඉන්ධනහලේ පොම්පකරු තියුණු ආයුධ දැක ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කොට දිවගොස් ඇති අතර ඉන් පසුව එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා බලහත්කාරයෙන් ඉන්ධන පොම්පය ක්‍රියාත්මක කර ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යාර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධ දෙක විසිකර දමා නැවතත් ඉන්ධන ලබා දෙන ලෙස ඉන්ධන පොම්පකරුගෙන් ඉල්ලා සිටි අතර ඉන් පසුව ඉන්ධන පොම්පකරු පැමිණ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සිදු කරන ලද අතර ඔවුන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක මුදලක් ද පොම්පකරු ට ලබා දී ඇත.
මෙම යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවන් බවට හඳුනාගෙන ඇති අතර මේ වෙන විට ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.
(සම්පත් කුලරත්න – කළුතර)
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි