හෙරොයින් පැකට්ටුවක් උගුරේ රදවාගෙන පොලීසියට දැක දිව යද්දි එය උගුරේ සිරවීමෙන් සැකකරුවෙක් මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

මත් ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු පොලිස් නිළධාරීන් ලුහු බදිද්දී වැටි මරණයට පත්වීමෙන් පසු සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු  ඔහු මියගොස් ඇත්තේ හෙරොයින් පැකට්ටුව උගුරේ සිරවී බව අනාවරණය වී තිබේ.

 මෙසේ මියගොස් ඇත්තේ හලාවත රත්නඋයන පදිංචි මිරිස්ස පතිරගේ ප්‍රභාත් අබේවිර නැමති අයෙකී.

හලාවත මුලස්ථාන පොලිසිය හා කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය එකකයේ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදි මෙම සැකකරු හා තවත් අයකු ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී එම ත්‍රි රෝද රථය නවතා පරික්ෂා කිරීමට සුදානම් වනවාත් සමග මෙම සැකකරු හා අනෙක් තැනැත්තා පැන ගොස් ඇති බව කියයි.

එහිදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරීන් මොහු පිටුපස ලුහු බදිද්දි සැකකරු එකවරම ඇද වැටි ඇති බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here