මීට වසරකටත් මාස තුනකට ඉහතදී හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කර අධිකරණ නියෝග මත භූම දානය කරන ලද පුද්ගලයෙකුගේ සොහොනක් කඩා එහි හිස කොටස රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබුණු බව වැලිපැන්න පොලිසිය පවසයි.

2023-3-17දි කුරුදිප්පිට වැලිගොඩැල්ල කනත්ත, අධිකරණ නියෝගය මත ය භූමදානය කරන ලද
කුරුදිපිට ගල්මත්ත වලගෙදර පදිංචිව සිටි රංග විරාජ්( 34) ගල්මත්ත හන්දියේදී සිසුන් පිරිසක් විසින් යතුරුපැදි හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ සොහොන හාරා හිස ඇතුළු අවයව කොටස් රැගෙන ගොස් ඇතැයි ගිය පුද්ගලයාගේ බිරිඳ සහ සහෝදරියන් පවසයි.

මෙම සිදුවීම වී දැක ඇත්තේ පසුගිය වෙසක් දිනට දිනකට පමණ පෙරදී එම සොහොන එළිකිරීමට පැමිණි ඥාති සහෝදරයෙකු විසින් සොහොන හාරා ඇති බව දැනගෙන පැවසීමෙනි.

පසුගිය සිංහල අලුත් අවුරුද්ද දවසේද පැමිණ සුද්ද පවිත්‍ර කර පහන් දල්වා ගොස් සති අතර ඉන්පසු වෙසක් දිනට සතියකට පමණ පෙර මෙම සිදුවීම සිදුවී ඇති බව ඔවුන් පවසයි.

බිරිඳ විසින් චෝදනා කරන්නේ හිස් වැසුම් වලින් පහරදී ම සිදුකළ සැකකරුවන් මෙම සිදුවීම සිදුකර ඇති බවයි.

එම අවස්ථාවේම ස්ථානය පරීක්ෂණයක් සඳහා ගිය වැලි පැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට සියලු තොරතුරු දන්වා මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත ඉදිරි කටයුතු කරන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here