බංකොලොත් වූ රටක පාසල් 10126 දියුණු කරන හැටි පෙන්වන්න වරමක් ලබා දෙන ලෙසත් ඒ සඳහා ක්‍රම 4ක් ඇති බවත් ඒ යටතේ කැපකරු මාපිය ක්‍රමය උපයෝගී කර ගැනීම, සෑම පාසලකම පාසල් දියුණු කිරීමට සහ නඩත්තු කිරීමට සංවර්ධන බාරකාර අරමුදලක් ඇති කිරීම, අපේ රටේ පාසල් 10126 ලෝකයේ දියුණු රටවල දියුණු පාසල් 10126ක් සමඟ සම්බන්ධ කිරීම සහ රටෙන් හොරා කෑ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් පාසල් දියුණු කිරිමට යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මීට දින කිහිපයකට පෙර, රට බංකොලෙත් කිරීමට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් සහ සමගි නීතිඥයන් එකතු වී ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩබ්.ඩී. ලක්ෂමන්, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල, පී.බී. ජයසුන්දර සහ මූල්‍ය මණ්ඩලයේ නිලධාරීන් රට බංකොලොත් කිරීමට හේතු වූ බවත් ඔවුන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට රටට පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තව පර්යේෂණ අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සියලු දෙනාටම ලක්ෂ 220කගේ ජන ජීවිත, ආදායම් මාර්ග විනාශ කළාට මුදලින් වන්දි ගෙවීමට සිදුවන බවත් එවිට රටෙන් හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂයේ සිටි ලක්ෂ 6000ක් වටිනා වැඩ කොටසක් සෞඛ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ සමගි ජන බලවේගයට හොරු අල්ලන හැටි කියා දෙන්න අවශ්‍ය නොවන බවත් හොරු අල්ලන්න බලය ලබා දෙන්න කියා කියනවා වෙනුවට විපක්ෂයේ සිට හොරු කවුද කියා අනාවරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 48 වැනි අදියර යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත පාසලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.