කහකුරුල්ලන් පැලැස්සේ හොර රහසේ වගා කරන ලද මහා පරිමාණ ගංජා හේනක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අක්කරයක පමණ භූමි ප්‍රමාණයක නීති විරෝධී ලෙස වගා කරන ලද අඩි 04 ක් පමණ උස ගංජා ගස් 9,456 සහිත හේනක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
(අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන)
Very interesting points you have mentioned, thanks for posting.Blog range