කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
කළුතර නගරයේ බැංකුවකට මුදල් තැන්පත් කිරිමට යාමේදී හොර මුදල් නෝට්ටුවක් බවට හදුනාගෙන ඇති බව සදහන් වේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) ශාන්ත නයනප්‍රිය මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
(සම්පත් කුලරත්න – කළුතර)