Local
ෆාමසියේ සේප්පුව පිටින් ඔසවාගෙන ගොස් එහි තිබූ ලක්ෂ තුන හමාරටම රේස් දාලා- සැකකරු අත්අඩංගුවට

කටුගස්තොට නගරයේ පිහිටි ෆාමසියකට රාත්‍රී කාලයේ ඇතුළු වි එහි මුදල් , මුදල් තැන්පත් කර තිබූ සේප්පුව පිටින්ම ඔසවාගෙන ගොස් එතුල තිබූ රුපියල් තුන් පක්ෂ පනස් දහසක් මුදලකට රේස් දැමු බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද 23 අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට නගරයේ පිහිටි මෙම ෆාමසිය කඩා එහි තිබූ මුදල් සේප්පුව සොරා ගෙන ගොස් ඇති බවත් එම සේප්පුව තුල රුපියල් 3,50,000 ක මුදලක් තිබූ බවත් කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය මෙම සේප්පුව ඉස්සූ සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අතර සේප්පුව තුල තිබූ රුපියල් 3,50,000 ක මුදල ගෙන ඒ මුදල්වලින් සූදු සෙල්ලම් කළ බව ඔහු පොලීසියට පවසා තිබේ.
කටුගස්තොට හමංගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් 44 හැවිරිදි මෙම ද සැකකරු සොරා ගත් සේප්පුවේ තිබූ ලක්ෂ තුන හමාරක මුදල් ලබා ගෙන සේප්පුව කැලෑ බද ප්‍රදේශයකට වීසි කර තිබියදී පොලිසිය මගින් සොයා ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අද 23 වනදින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
(මොහොමඩ් ආසික්)
Hot News
සාමාන්‍ය රියැදුරු බලපත්‍රය ආබාධිතයින්ටත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.
ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
Hot News
දඹදිව ගිය ස්වාමීන් වහන්සේලාට නව දිල්ලි ගුවන් තොටුපළපලේ දී අකරතැබ්බයක්

නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ඊයේ (9) සවස 6.30 ට නියමිතව තිබූ UL 146 දරන ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානය කිසිදු දැනුම් දීමකින් තොරව සිය ගමන් වාරය නවතා තිබීම හේතුවෙන් දඹදිව සංචාරයේ නිරතවී සිටි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිටි බැතිමතුන් පිරිසක් ගුවන්තොටුපොළේ අද උදෑසනව විටත් සිරවී සිටින අතර ගුවන් යානයක් මේ දක්වා පැමිණි නැති බව එහි සිරවී සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස පවසනවා.
එහිදී ඊයේ රාත්‍රී මහා සංඝයා නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළපලේ බිම සැතපී රාත්‍රී ගතකර ඇත.
දිල්ලි ගුවන් තොටුපල නියොජිතයින් ස්වාමීන් වහන්සේලා මග හරිමින් පැය 14ක් තිස්සේ දඹදිව වන්දනා වැඩමකල ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට ප්‍රමාදයට හෝටලයක් හෝ ලබා දී නැත.
ගුවන්තොටුපළේ දී වතුර උගුරක් වත් නොදි අද උදෑසන 9.30 වන තුරු බලා සිටීමට සලස්වා ඇත.ඉන් පසු ස්වාමීන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසට හෝටලයක් ලබා දී ඇත.
අද (10) සවස 6.30ට දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානයක් ඇති බවද ඔවුන් පවසයි.
(ගල්පාත චන්දන පෙරේරා)


Hot News
Watch : BMICH එක ඉදිරිපිට තිබූ විශාල තොරණක් කඩා වැටෙයි

බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට මාර්ගයේ පාර හරහා උත්සවයක් සඳහා පාර හරහා තාවකාලිකව ඉදිකර තිබූ තොරණ කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.
බොරැල්ලේ සිට තුන්මුල්ල දක්වා වාහන ගමන් කිරීමට නොහැකිව ්වා පැය බාගෙක පමණ කාලයක් මාර්ගය අවහිර වුණා.
විශාල වශයෙන් ම වාහන ගමන් කරන මෙම මාර්ගයේ ඉරිදා දිනයක් වූ බැවින් එතරම් වාහන නොතිබීමෙන් විශාල අනතුරක් වැළකී ගියා.
අද පස්වරුවේ ඇති වූ දැඩි සුළඟත් හා වර්ෂාව සමඟ ින් මෙම තොරණ කඩා වැටුණා.
රථවාහනය රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් වැසි නොතකා එකිනෙක ගලවමින් පාරෙන් ඉවත් කොට වාහන ගමනාගමනයට ලබා දුන්නා.
(නිරෝෂන් කොළඹ)
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්