පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරගාවලියේ දී සිදුවූ මරණ හත සම්බන්ධයෙන් සංවිධායකයින් වග කිවයුතු බව රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
සංවිධායකයින් උත්සවය පැවැත්වීම සඳහා දුර්වල ලෙස සූදානම්ව සිටි බවත් මූලික ආරක්ෂක පියවරයන් නොගත් බවත් ඔවුන් පවසනවා.
ශ්රී ලංකා රේසිං රියැදුරන්ගේ සංගමය පැවසුවේ, දුහුවිලි වැලැක්වීම සඳහා ධාවන පථයට ජලය ලබා දෙන ලෙසත් දෘශ්යතාවට බාධාවක් නොවන බවට වග බලා ගන්නා ලෙසත් තම සාමාජිකයන් විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් බලධාරීන් නොසලකා හැර ඇති බවයි.
එම නිවේදනය පහතින්,