‘පාලිත තෙවරප්පෙරුම’ හිටපු අමාත්‍යවරයාගේ ‘හදිසි අභාවය’ පසුගිය දින කිහිපයේ ‘අතිශය සංවේදී’ මාතෘකාවක් වූ අතර, හිටපු අමාත්‍යවරයාට වෙන කිසිදු ‘දේශපාලඥයෙකු’ට නොලැබෙන තරමේ ‘ජනතා ආදරයක්, ගෞරවයක්’ ලැබුණු බැව් ‘සමාජ මාධ්‍ය’ තුළින් ද දැකගත හැකිවුණා.

එවන් තත්ත්වයක් තුළ, ‘පාලිත තෙවරප්පෙරුම’ සහ ඔහුගේ ‘පොඩි පුතු’ අතර වන ‘විරසකයක්’ ගැනත්, තොරතුරු හුවමාරු වන්නට වුණා.

‘තෙවරප්පෙරුම’ කලකට ඉහත දී ‘රූපවාහිනි නාලිකාවක්’ හා සංවාදයේ යෙදෙමින් ‘පොඩි පුතු’ තමන් හා ‘විරසකව’ සිටින බවත්, ඒ සඳහා ‘හේතුවක් හෝ’ නොදන්නා බවත් කියා තිබුණා.

කෙසේ වෙතත්, තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ ‘පොඩි පුතු’, යූටියුබ් නාලිකාවක් හා සාකච්ඡාවකට එක්වෙමින් ‘පියා හා පැවති විරසකය’ ගැන මෙසේ කරුණු හෙළි පෙහෙළි කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

එසේම, ඇතැම් ‘මාධ්‍ය’ වාර්තා කෙරූ අයුරින්, සිය පියාගේ මරණය ‘සැක සහිත එකක්’ නොවන බැව් ද ඔහු කියා තිබුණා.

‘මරණය ගැන එහෙම සැක වෙන්න දෙයක් නෑ, ඒ සිද්ධිය මෙහෙමයි… තාත්තා පොළොන්නරුවේ ගිහින් 15 ආවේ. පාන්දර 6ට පිටත් වුණා පහුවදා පොහොර ටික අදින්න. තාත්තා ඒ ටික හලලා ඉවර කරගන්න ට්‍රයි කළේ. හදිසියේ තමා වැඩ ටික කෙරුණෙත්.. එදා අපි කාලා ගියේවත් නෑ. වැඩේ කරගෙන වත්තට එද්දි 4යි.. මම ගෙදරට ආවා කෑම ගෙනියන්න. හොඳටම වැස්ස ඒ වෙලාවේ… 3.30ට 4.00ට විතර ඇති. මගේ සාක්කුවේ ෆෝන් එක තිබුණේ. කෝල්ස් 10ක් විතර ඇවිල්ලා තිබුණා. එතකොට තමයි කිව්වේ, තාත්තාට කරන්ට් එක වැදිලා හොස්පිට්ල් ගෙනිහින් කියලා කිව්වේ….’

පියා හා පැවති විරසකය මොකද්ද???

‘තාත්තා කැමති වුණේ නෑ මම ජොබ් එකක් කළාට. එයා කිව්වේ, එයාගේ ගේ බලාගෙන කෘෂිකර්මාන්තය කරන් ඉමු කියලා. ඇත්තම කතාව…. ඒ හම්බෙන ගාණ තාත්තට ජීවත් වෙන්න මදි. මේ ගේත් සීයාගේ ගේ. ඒ නිසයි මම අම්මටත් කියලා, වරායේ රස්සාවකට ගියේ. කම්කරු රස්සාවක් කළේ. ප්‍රශ්නෙ වුණේ මට මාසෙට දවසයි නිවාඩු තිබුණේ. ඉතින් ගෙදර එන්න කියද්දි මට එන්න අමාරුකම් තිබුණා. රස්සාව රැකගන්න වුණා මට. එතැන ඉන්න අයත් මම අයින් වෙනකන් දන් නෑ පාලිත් තෙවරප්පෙරුමගේ පුතා කියලා. තනතුරුවලින් වැජඹෙන්න තාත්තා මට කියලා දීලා නෑ. අපි වුණත් තාත්තාගෙන් සැප සම්පත් ඉල්ලලා නෑ. තාත්තා පුයරු බබාලා වගේ අපිව හැදුවේ නෑ. මාත් තාත්තා කරපු කෘෂිකර්මාන්තය කරනවා….’

තාත්තා අකැමැති වුණත් කම්කරු රස්සාවක් කළා!!

‘මම රස්සාව දාලා ආවා, සේවයෙන් ඉවත් වෙනවා කියලා. ඇවිල්ලා මම වත්ත බලාගෙන ඉන්න හිතුවා. එහෙම ඇවිත් ටික කාලයකින් මේ දේ වුණේ. මම කම්කරු රස්සාවක් කළත්, තාත්තා නිසා වැජඹුනේ නෑ. තාත්තා මාව මේ විදිහට හැදුව එක ගැන මම සතුටු වෙනවා!!’

‘තාත්තා ගැන මෙතැනට ඇවිත් කියවපු අය ඒ දේ කිව්වේ එයාලාගේ පැවැත්මට. තාත්තා මට දේශපාලනය ඉගැන්නුවෙත් නෑ. තාත්තා කළෙත් දේශපාලනය නෙවෙයි, සමාජ සේවය….’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here