Sports
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අදයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.
ඒ සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව අතරයි.
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඔක්තෝබර් 5වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම ලෙස නවසීලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගය ජය ගත් අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූ අතර මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායම වන ඉන්දියාව අද මුහුණ දෙන්නේ සිය සිව්වැනි ලෝක කුසලාන එක්දින අවසන් මහා තරගයටයි.
ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 5කදී, කුසලානය දිනා ගැනීමේ ගෞරවය තමන් සතුකරගෙන සිටින ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමිනි.ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරග 2ම පරාජයට වූවත් ඉතිරි තරග සියල්ල ජය ගත් ඔවුන් මෙවර එක්වන්නේ ඔවුන් ක්‍රීඩා කරන 8වැනි ලෝක කුසලාන අවසන් මහා තරගයටයි.
Hot News
තරුෂි හිටපු ජනපති හමුවෙයි

චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන් තරුෂි කරුණාරත්න ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී හමුවී තිබෙනවා.
එහිදී හිටපු ජනපති ඇය සමග සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.
Hot News
සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන්න යන විශේෂ තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් සඳහන්.
Sports
එංගලන්ත ක්‍රීඩක Harry Brook සමාජ මාධ්‍යවලින් ඉවත් වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Harry Brook සිය ජංගම දුරකථනයේ තිබෙන සියලුම සමාජ මාධ්‍ය යෙදවුම් ඉවත් කර දමන්නට තීරණය කර තිබෙනවා.
Harry Brook පවසන්නේ , ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යහපත් මානසික සෞඛ්‍ය ගොඩනැගීමට අවශ්‍ය වූ බැවින් තමන් සමාජ මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්
Janaka Medawatta
November 19, 2023 at 6:55 pm
ඔස්ට්‍රේලියාව