නියගය හා ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවියන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වන්දි  ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුවේ දී (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වගා හානි සඳහා වන්දි ගෙවීම  වසරක පමණ කාලය් ප්‍රමාද වී සිදුවන නමුත් මෙවර විශේෂත්වයක්සේ සලකා කඩිනමින් වන්දි ලබා දෙන බව කී ඒ මහතා මෙම කන්නයේ දීම එම මුදල් ගොවියන්ට උපයෝගී කරගත හැකි වනු ඇතැයි කීවේය.

වගාව ආරම්භ කරන අවස්ථාවේදී වගේ නොලැබුණත් පොහොර යොදන අවස්ථාවේදී හෝ එය ලබාදීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කීවේය. නමුත් මින් ඉදිරියට වගා හානි සඳහා වන්දි ලබා දෙන්නේ නියමිත දිනට වගාව ආරම්භ කළ ගොවියන්ට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

කුමන තරමක හෝ වගා හානියක් සිදු වුවත් කන්න රැස්වීමේදී ගන්නා තීරණ අනුව නියමිත දිනයට  වගාව ආරම්භ කර නොතිබුණේ නම් වගා හානි වන්දි ලබා නොදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. වර්ෂාව ඇද හැලෙන බැවින් වගාව මේ වන විට ආරම්භ කළ යුතු බව කී ඒ මහතා ඉදිරියේදී සිදුවිය හැකි ජල හිඟයට මුහුණ දීමට නම් නියමිත වගා කාලසටහන් අනුගමනය කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.                               

දියර කිරි කර්මාන්තය නැවතත් ප්‍රවර්ධනය වෙමින් පවතින අවස්ථාවේ මේ වන විට ගව ගාතනය ඉතාමත්ම සීඝ්‍ර ආකාරයෙන් රට පුරා ක්‍රියාත්මක වෙනවා. අවාසනාවන්ත තත්ත්වය තමයි කිරි ගන්න එළදෙනුන් පවා සොරකම් කොට ඝාතනය කරනවා. මින් ඉදිරියට ඒ දේ කරන්න බැරි වෙන ආකාරයෙන් අපි පවතින නීති රීති යාවත්කාලීන කරනවා. ඒ අනුව කිරි ලබාදෙන ගව දෙනුක් ඝාතනය කළොත් රුපියල් ලක්ෂ 10 ක දඩයක් වගේම ඉහළ සිරදඬුවම් ලබාදීමට හැකි පරිද්දෙන් නීති රීති අපි කඩිනමින් සංශෝධනය කරනවා. ඊට අමතරව ඒ ගව ඝාතකයා මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටත් පියවර ගන්නවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පී. මාලතී මෙනවිය, සාක් කලාපීය කෘෂිකර්ම සමුළුවේ අධ්‍යක්ෂ බාකටර් හුසේන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාට එක්විය.

(කමල් සුරවීර  මහනුවර )                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here