ඔළු මාරු කිරීමකින් හෝ තනතුරු මාරු කිරීමකින් රටේ ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පසුගියදා සිදුවූ නව ඇමතිවරුන් පත් කිරීම කැබිනට් සංශෝධනයක් ලෙස පිළි නොගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 2024 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසා බලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කැබිනට් සංශෝධනයක් නොවන බවත් එය තනතුරු හුවමාරුවක් පමණක් බවත් එහිදී පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එයින් රටට හෝ ජනතාවට කිසිදු සෙතක් සිදුනොවන බවයි.