වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට පසුගිය දා අද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමග වැල්ලවාය නෙටොල ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම පොලොවට කඩා වැටී සමතලා වී තිබේ.

මෙම නිවස කඩා වැටෙන අවස්ථාවේ දී නිවසේ වයෝවෘද්ධ මවක් ඇතුළු නිවසේ ජීවත් වන ඇයගේ ස්වාමීයාට සහ පුත්‍රයා සිට ඇති අතර වාසනාවකට ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

ටකරන් සෙවිලි කල කටුමැටි බිත්ති සහිත මෙම නිවස කඩා වැටීම නිසා නිවසේ ජීවත් වූ පුද්ගලයන් හට දැන් ජීවත් වන්නට තැනක් අහිමි වී ඇති අතර ඔවුන් එම කටුමැටි බිත්ති අතර ඉතිරු වූ කුඩා කාමරයක මේ දිනවල ජීවත් වෙමින් සිටී.

වයස අවුරුදු අසූ පහක් වන මෙම මවගේ විශ්‍රාම වැටුපෙන් මෙම පවුලම ජීවත් වන අතර එම විශ්‍රාම වැටුප ලබා ගන්නා හැදුණුම්පත සහ ලියැකියැවිලි පවා වතුරට ගසාගෙන ගොස් විනාශ වී ඇත.

ස්ථීර ආදයම් මාර්ගයක් නොමැති මෙම පවුල මේ වන විට සම්පූර්ණයෙන්ම අසරන වී ඇති අතර ආහාර වේල පවා සපයා ගන්නට ඔවුන්ට නොහැකි වී තිබේ.

වලං පිගන් ඇතුළු සෑම දේම මෙම නිවස කඩා වැටීම විනාශ වී ඇති අතර තමන්ට ජීවත් වීමට කුඩා කාමරයක් හෝ සකස් කර දෙන ලෙස මෙම පවුලේ උදවිය පරිත්‍යාග ශීලින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here