දීර්ඝ කාලයක සිට කොට්ටාව බස් නැවතුම්පොලේ හෙරොයින් ජාවාරමේ යෙදුනු බූස්ස ප්‍රදේශයේ පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් බව කියයි.

එහි දී හෙරොයින් ග්‍රෑම් 20 යි මිලි ග්‍රෑම් 22 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි බූස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක පුද්ගලයකු හා හෙරොයින් ජාවාරම සදහා ආධාර අනුබල දුන් රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 18,500.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් තිදෙනා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

2023.11.05 වන දින කොට්ටාව පොලිස් වසමේ කොට්ටාව බස් නැවතුම්පල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ඒකකය) පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම  වැටලීමක් සිදුකර ඇත.

 (අම්බලන්ගොඩ  අනුරාධ  ප්‍රියදර්ශන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here