කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක මැදිරි කිහිපයක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු (31) දින පස්වරු 3.45 සිට ඇණ හිට ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 112 සැතපුම් කණුව අසලදි මගි ප්‍රවාහන දුම්රියේ මැදිරි කිහිපයක් පිලි පැන ඇති බවත්, පිලි පැන ඇති දුම්රිය මැදිරි යලි පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

පිලි පැනිමට ලක් වු මගි ප්‍රවාහන දුම්රියේ මගින් දුම්රිය පිලිගත කරනතෙක් දුම්රියේ රැදි සිටියි.

දුම්රිය පිලිගත කරන තෙක් කොළඹ කොටුව සිට ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් තලවකැලේ දුම්රිය ස්ථාන දක්වා ධාවනය කරවිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)         

             

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here