ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය මුහුණ සහ ගෙල මත සිදුවූ පීඩනයක් මත සිදුව ඇති බවට වෛද්‍ය වාර්තා මඟින් හෙළිදරව් වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.
ඒ අනුව සිද්දියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
මරණ පරීක්ෂණයේදී ඔප්පු වූ වාර්තාව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල එම කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ බව වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධියෙන් අපරාධයක් අනාවරණය වන බව සඳහන් වනවා.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට නියෝග කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
Yes. I think that’s a murder. Behind the murder I think there is an underhand deal probably in Cash. May be to mislead or cover up the deal he may have been killed. Dinesh is a pleasant person but their business is not genuine.