ඊයේ(16) දහවල් කාලයේදී වාලච්චේන පොලිස් වසමේ තොප්පිගල වලමණ්ඩිය ප්‍රදේශයේ පැළක තිබියදී වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වාලච්චේන පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර ඊයේ උදෑසන කාලයේදී සිරිපුර පොලිස් වසමේ නවගහ ඇල ප්‍රදේශයේ නිවසකදී සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි තවත්සැ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන නුවරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here