මහින්ද රාජපක්ෂ යනු මහා කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි අසමසම යුග පුරුෂයෙක්,විරුවෙක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්ය වේඬරුවේ ශ්රී උපාලි නාහිමියෝ පැවසූහ.                            

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්ය කර්මයේ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.                   

මෙහිදී තවදුරටත් අනුශාසනාව සිදුකළ නාහිමියෝ මෙසේද කීහ,එදා කැප්පිටිපොල විරුවා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා දිවිහිමියෙන් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා එදා වසර තිහක් පැවැති ත්රස්තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරගන්න ඒ වගේ කැපවීමෙන් කටයුතු කළා.                                                                                    

1948 වසරේ නිදහසින් පසු මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකළ දැවැන්තම මෙහෙවර යුද්ධය අවසන් කිරීම වශයෙන් අපිට දකින්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රණවිරුවන් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට දිවි හිමියෙන් සහයෝගය දුන්නා. මේ යුග පුරුෂයා බිහි නොවන්නට අපේ රටේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒ නිදහස ලබාදීම අද වෙනකොට බොහෝ දෙනෙකුට අමතක වීම කණගාටුවට කරුණක්. නිදහස් නිවහල් රටක් බිහිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කැපවීම අප කවදත් ගෞරවයෙන් සිහිකළ යුතුයි යනුවෙන් ද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් අනුශාසනාවක් සිදු කළ එම පාර්ශ්වයේ අනුනායක පූජ්ය නියංගොඩ ශ්රී විජිතසිරි නාහිමියෝ සඳහන් කළේ මේ රටේ උන්නතිය වෙනුවෙන් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකළ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උද්ගතව පවතින්නෙ ව්යාකූල තත්ත්වයක් බවය.   

අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටීට පජා, ඇතුළත පටලැවිල්ලක් පිටතත් පටලැවිල්ලක් ජීවීන් පටලැවිල්ලක පැටලී ඇත. යන ධර්ම දේශනාව මෙහිදී අපට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සිදුකළ මෙහෙවර අප සියලු දෙනා කෘතඥපූර්වක සිහි කළ යුතුයි යනුවෙන්ද නා හිමියෝ වැඩිදුරටත් පැවසූහ.                                                                  

මෙම අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි ප්රමුඛ මල්වතු අස්ගිරි පාර්ශ්වයන් නියෝජනය කරන මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, තේනුක විදානගමගේ, අනුරාධ ජයරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ යන මැති ඇමතිවරුන් මෙන්ම මධ්යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(කමල් සුරවීර  මහනුවර)                                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here