යල කන්නයේ වගා හානිවූ ගොවීන් සඳහා වන්දි ලබාදීම හෙට (19) සිට ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව ගොවීන් 250කට වන්දි පිරිනැමීම හෙට පෙරවරු 09.00ට අඟුනකොලපැලැස්සේදී සිදු කෙරෙනු ඇත.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here