රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .

ආතර් කර්වීව් නමැති රුසියන් ජාතිකයෙක් විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය කීය.

සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන අංක 211 දරණ කාමරයට ඇතුල්වී මුදල් හා දේපල සොරාගෙන ඇති බව සදහන් වේ.

සැකකරු පලායන විට සැක නොසිතෙන ආකාරයට රුසියන් කාන්තාවගේ ගවුමක් ඇදගෙන පලාගොස් ඇති බවත් , ඔහු තාප්පයෙන් ඇදවැටී පාදයකට බරපතළ හානි සිදුව ඇති බවත් වාර්තාවේ.

සැකකරු සොරකම් කල මුදල් වලින් කොටසක් සහිත මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය නිවසේ මෙට්ටයක් යට සගවා තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය.

පාදයට සිදුවූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීම සදහා පිටවගොස් ඇති බවත්, කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් පොලිසිය සදහන් කරයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here