කලකට පසු සුන්දර දසුනක් , මින්නේරිය රොටවැව දුම්රිය රක්ෂිත කලාපය ආසන්නයේ දි වන අලි රංචුවක්, මාර්ගයේ ගමන්කල ජනතාවට දක්නට ලැබුණා.
ඊයේ සවස රොට වැව හන්දිය ආසන්නයේදී කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වාහනවලට හදිස්සියේ විශාල වාහන තදබදයකට ලක්වීමට සිදු විය.
හදිස්සියේම වනඅලි 150/100 කට ආසන්න විශාල රංචුවක් ප්‍රධාන මාර්ගයේ රොටවැව රක්ෂිතයට ඇතුළු වී පැමිණීමත් සමග මාර්ගයේ ගමන් කළ දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ තම වාහන නතර කොට මෙම සුන්දර දසුන නරඹන්නට විය.
ඉතාමත් කලාතුරකින් මෙවැනි වන අලි රංචුවක් දැකීමට හැකි වන බව එම සතුන් නැරඹීමට පැමිණි ජනතාව කියා සිටියහ .විදෙස් සංචාරකයන් මෙම වන අලි රංචුව දෙස බලන ගමන් ඔවුන් අමුතු ම වින්දනයක් ලැබූහ .
(උපුල් ශාන්ත පොලොන්නරුව)