කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දියතලාව – හපුතලේ අතර අංක 156 සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් නාය යාමෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වුණු රාත්‍රී තැපෑල දුම්රියට එම පස් කන්ද හා ගල් වැදී තිබේ .

දුම්රිය එන්ජින් දෙකක් සහිතව ගමන් ගන්නා මෙම දුම්රියේ ඉදිරියේ ඇති එන්ජිම ගල් වල ගැටී නැවතී තිබු අතර ඉතුරු එන්ජිම හා මැදිරි ඉවත් කරනවා ලදී.

කෙසේ වෙතත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දැනට අඩාල වී තිබේ. මේ වනවිට බාධක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here