ඉකුත් (04) වෙනිදා හදිසියේ වසා දැමූ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය, වානිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨය අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කිරිමට සැලසුම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසනවා.
එමෙන්ම, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතයි.
සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබුවා.
එම සිද්ධියට සම්බන්ධ සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කළේ ය.