ඌව පරණගම-මැතිවරණ කොට්ඨාශයේ මස්පන්න-වැලිමඩ ප්‍රධාන මාර්ගයේ පොදු මිල්ල ප්‍රදේශයේදී ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් අඩි හැටක් පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
මාර්ග සංවර්ධන කටයුත්තක ඉදිකිරීම් සදහා පැමිණි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ රථයේ රියදුරා වන අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය පිළිබදව ඌව පරණගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
(ප්‍රේමලාල් රත්නායක – වැලිමඩ)