වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය පේරගස් වත්ත ප්‍රදේශයේ තරුණයකු හා කොළේදණ්ඩ ගල්කඩුව පදිංචි තරුණයන් පිරිසක් ඇති වු මත ගැටුමක් දුරදිග යෑමෙන් පසු දෙපාර්ශවයේ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .

වැලිගම දෙනිපිටිය පේරගස් වත්ත ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේ (02) දින රාත්‍රි දේව තොවිලයක් පැවති බව සඳහන්. මෙම සදහා පැමිණි කොළේදණ්ඩ ගල්කඩුව පදිංචි තරුණයන් පිරිසක් කොළේදණ්ඩ කපුවත්ත මාර්ගයේ සිටි බවත් එහිදි වටගෙදරමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති අතර මාර්ගයෙන් ඉවත් විම සදහා ඔහු විසින් ත්‍රීරෝද රථයේ නලාව නාද කොට ඇති බව කියයි.

එහිදි දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු වටගෙදරමුල්ල ප්‍රදේශයේ පදිංචි එස්.පී.ගයාන් බුද්ධික නැමති තරුණයාට පහර දී ඇති බව කියයි . ඔහු මේ වන විට තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.

අනතුරුව පහරදුන් බව කියන කොළේදණ්ඩ ගල්කඩුව පදිංචි පිරිසක් එම තරුණයාගේ නිවසට ගොස් දොර ජනෙල් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා ඇතැයි සදහන් එම අවස්ථාවේදී අසනීප තත්වයෙන් සිටින එම තරුණයාගේ මව පමණක් නිවසේ සිටි බව කියයි .

කෙසේ නමුත් මෙ සම්බන්ධයෙන් දෙපාර්ශවයම පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව සදහන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර එහි ප්‍රධාන සැකකරු වන වයස 27 වන කොළේදණ්ඩ ගල්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (03 ) පෙරවරුවේ දී අත්අඩංගුවට ගත් බව වැලිගම මුලස්ථාන පොලිසිය කියයි.

තවද දෙපාර්ශ්වය තුවාල ලැබූ හතර දෙනකු (4 ) වැලිගම වලාන රජය රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here