

Politics
2024 අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 237ක්
යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම 2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය,
පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය හමුවේ 2023 වර්ෂයේ පළමු පාසැල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වූවා. කෙසේ වුවත් 2023 මාර්තු 27 වනදා එම පාසැල් වාරය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. නමුත් එම ප්‍රමාදයන් වළක්වමින් 2024 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසැල් වාරයේ ආරම්භය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පළමු වසරේ සිට එකොලහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2025 පාසැල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන්ම පැවත්වීමට අපට හැකියාව ලැබෙනවා.
ඒ වගේම උසස් පෙළ විභාගය ද අප පැවැත්වීමට කටයුතු කලා. නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පිළිතුරු පත්‍ර සමීක්ෂණය කල් ගියා. තවත් පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේ වන විට නියමිත ආකාරයට කාලසටහන් නිකුත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පවතින තත්ත්වයන් කෙසේ වුවත්, කාලය කළමනාකරණය කරමින් නියමිත කාලයට විභාග පැවැත්වීම අපගේ අපේක්ෂාවයි.
එමෙන්ම පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට අප සූදානම්ව සිටිනවා. මෙතැන දී අපට අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. යෝජිත සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල්යන විට, අලුතින් එකොලහ වසරට පැමිණෙන දරුවන් ද පෙබරවාරි මස 19 වන විට එම පන්තිවලටම පැමිණෙනවා. එම තත්ත්වය පාසැල් මට්ටමින් කළමනාකරණය කරගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම අප බාරගන්නා විට අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පුරප්පාඩු 808ක් තිබුණා. එම ප්‍රමාණයෙන් 50%ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබුණා. ඒ වෙනුවෙන් අදාළ විභාගය මේ වන විට පවත්වා අවසන් බැවින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගැනීම් සිදු කිරීමට අප කටයුතු කරනවා.
එමෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා පුරප්පාඩු 707ක බදවා ගැනීම් සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම ඔවුන් සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා. එමගින් පීඨ 19ක් සදහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුවනවා. ගුරු සේවයේ සියලූම ශ්‍රේණීන් සඳහා පවතින පුරප්පාඩු සියල්ල ලබන පාසැල් වාරයට ප්‍රථමයෙන් සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා.
රාජ්‍ය සේවයෙන් සහ සංවර්ධන නිලධාරීන්, උපාධිධාරීන් ලෙස ගුරු සේවයට බඳවා ගැනීමට සදහා සූදානම් වූ මොහොතේ ඊට එරෙහිව පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. එහි විසඳුම ලබෙන තෙක් පළාත් මට්ටමින් විශ්‍රාමික ගුරු පුරප්පාඩු සහ සේවය හැර ගිය ගුරුවරු වෙනුවෙන් සියලූම පළාත් ආවරණය වන පරිදි බඳවා ගැනීම් සිදුකරගෙන යමින් සිටිනවා.
ඒ වගේම විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, විදේශ භාෂා සහ තාක්ෂණ විෂයන් සඳහා ගුරුවරුන් 5450ක් බඳවාගැනීමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වී තිබෙනවා. එය පළාත් මට්ටමින් සිදුකරගෙන යමින් සිටිනවා. ඒ වගේම ජාතික පාසැල් සඳහා ද බඳවාගැනීම වෙනුවෙන් මේ සතිය වන විට ගැසට් නිවේදනය නිකුත්වීමට නියමිතව තිබෙනවා.
2024ට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක් වෙන්වී තිබෙනවා. මෙය සමස්ථ අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන්කල මුදල නොවෙයි.
පළාත් සභා වැය ශීර්ෂය යටතේ ද පලාත් 09ට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වෙන් කෙරෙනවා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ප්‍රතිපත්ති රාමුව අමාත්‍ය මණ්ඩලය අනුමත කලා. එය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතවීමෙන් පසු පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වනවා. ඒ හැර අධ්‍යාපන ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවිය යුතු බව අපේ ස්ථාවරයයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන යෝජනා ක්ෂේත්‍ර හතරක් ඔස්සේ ඉදිරියට ගෙන යනවා. මෙමගින් අප සූදානම් වන්නේ විභාග පාදක ක්‍රමයෙන් විතැන්වී පන්ති කාමරයේ ඇති තක්සේරු ක්‍රමය යන ද්විත්වයම එක්කොට විභාගයේ ඇති තරඟකාරී ස්වභාවය හැකිතාක් දුරට අඩුකිරීමටයි. එමගින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට මෙන්ම ගුරුවරුන්ට නිදහසේ අධ්‍යාපනය ලබාදීමේ වටපිටාවක් නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට 2024ට අදාළ පෙළපොත් බෙදාදීමේ කටයුතු සුදානම් කර තිබෙනවා. පාසැල් නිළ ඇදුම් බෙදාදීමේ කටයුතු ද 80%කින් අවසන් කර තිබෙනවා. සියලුම පාසැල් සිසුන් සඳහා ලබන වසරේ සිට දිවා ආහාරය ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. 2030 වන විට සෑම පාසැල් දරුවෙකුට දිවා ආහාරයක් ලබාදීමත් අපගේ අරමුණයි. ඒ සදහා ලෝක ආහාර වැඩසටහන, USAID සහ පෞද්ගලික අංශය ද එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයෙන් පසු සිසුන්ට නිපුණතා සහ තාක්ෂණ අංශයේ වෘත්තීය පුහුණුව ලබා දීමටත් රජය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. එහිදී මාස හතරක කාලයක් සඳහා තෝරාගත් පාසැල්වල සවස් කාලයේදී මාර්ගෝපදේශණය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හෝ තමන් තෝරාගන්නා පාඨාමාලාවකට අදාළව අධ්‍යයන කටයුතුවල නියැලිය හැකි වනවා.
Politics
2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.
Politics
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Politics
ජනපති රනිල් ඩුබායි යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) උදෑසන 11ට පමණ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි