ඊයේ (02) ඔලිම්පික් පිටියේ දී ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි ඉතාම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එහිදී සිය ප්‍රතිවාදියා වූ ඉමානේ කලීෆ් එල්ල කළ පහර දරාගත නොහැකි කරීනි බොක්සිං තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉමානේ හමුවේ කරීනිට සටන් කිරීමට හැකිව ඇත්තේ තත්පර 46ක් පමණයි.

ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් යනු ජීව විද්යාත්මක (Biological) ලෙස ගත් කළ පිරිමි පුද්ගලයෙක් ලෙස වාර්තාවන අතර, මේ වනවිට ඉමානේ පිළිබඳව විවිධ මත පලවෙනවා.

ඉමානේ කලීෆ් පසුගිය 2023 ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසි නමුත් අවසන් තරගයට පැය කිහිපයකට පෙර ඉමානේට එම තරගයෙන් ඉවත් වීමට සිදුවෙනවා.

ඒ ඉමානේගේ ලිංගිකත්වය තහවුරු කිරීමට අසමත් වූ බැවින්.නමුත් මෙවර ඔලිම්පික් උළෙලේදී ඉමානේට එවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ.

”මෙය තරගයක් විය හැකි නමුත් ඒ මොහොතේ මගේ ජීවිතය රැක ගැනීමට මට සිදු වුණා. මට බයක් තිබුණේ නැහැ, තරගයට බය නැහැ, මම පහරවල්වලට බය නැහැ, නමුත් මේ වතාවේ හැමදේකම අවසානයක් තිබුණා. මට බැරි වුණ නිසා මම මේ තරගය අවසන් කළා.” යනුවෙන් ඇන්ජෙලා කරීනි පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here