

Politics
2024 වසරේ දී 1.8 % ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා
2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය,
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ඉතිහාසයේ ඉදිරිපත් කිරීමට සිදුවූ අභියෝගාත්මකම අයවැය වශයෙන් හඳුන්වන්න පුළුවන්. 2022 වසර වන විට පැවති දරුණු ආර්ථික අවපාතය හමුවේ 2023 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් පසුබිමක් පැවතියේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අප රජය එම අභියෝගය බාර ගත්තා. එහිදී ලබාගත් ස්ථාවරත්වය පාදක කරගනිමින් 2024 වර්ෂය සඳහා රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට වගේම අප බලාපොරොත්තු වන ආර්ථිකයක් කරා ගමන් කිරීමට හැකියාව මේ වන විට ලැබී තිබෙනවා.
නමුත් එම අවස්ථාවේදී විපක්ෂය කරන ආකාරයේ ගැලරියට කතා කරන ක්‍රමවේදයක් අප රජය ක්‍රියාත්මක කළා නම් අද රට මේ තිබෙන තත්ත්වයට ගෙන ඒමට ලැබෙන්නේ නැහැ. නමුත් විපක්ෂය 2023 වර්ෂයේ අයවැයට ඉදිරිපත් කළ චෝදනාම 2024 අදටත් එල්ල කරමින් සිටිනවා.
අප මේ වන විට වැඩකරමින් සිටින්නේ, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්, රාජ්‍ය වියදම රුපියල් බිලියන 6978ක් සමඟ අයවැය හිගය රුපියල් බිලියන 2851ක් වන ප්‍රධාන ඉල්ලක්කම් සමගයි.
එ වගේම මෙවර අයවැයේදී පාදක වුණු ප්‍රධාන ඉලක්ක කිහිපයක් සමග ද වැඩ කිරීමට අපට සිදුව තිබෙනවා. මෙම වසර තුළ කුමන ඉලක්කම් සමග ද වැඩකල යුත්තේ යන්න, අපගේ දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන තුළ දී පැහැදිලි කර තිබෙනවා. 128%ක්ව පැවති ණය බර ප්‍රමාණය 95%ක් දක්වා අඩුකිරීම, මුල්‍යම අවශ්‍යතාව 34.6% සිට 13% දක්වා අඩුකිරීම සහ විදේශීය ණය සේවා කරණය අද පවතින 9.4% සිට 4.5% දක්වා අඩු කිරීම යන කාරණා පාදක කරගනිමින් අපට 2024 අයවැය ඉදිරිපත් කිරීමට අපට සිදුවුණා.
ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ අවධානයට ලක්විය යුතු සහ පසුගිය මාස කිහිපය තුළ ආර්ථිකය පිළිබඳ විවිධ පාර්ශව විසින් අදහස් දැක්වූ ක්ෂේත්‍ර පිළිබදවම අවධානය යොමු කරමින් නැවත නැගී සිටීම සඳහා ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබාදීමට අප කටයුතු කළා.
එහිදී අපට විශේෂයෙන්ම වැදගත් වුණේ, දේශීය ණය ප්‍රශස්ථකරණයයි. ණය ප්‍රශස්ථකරණයකින් තොරව අපට ණය තිරසර භාවයක් ඇතිකර ගැනීමට හැකියාවක් නැහැ. එම වැඩසටහන මේ වන විට අවසන් කර තිබෙනවා, ඊළගට අප ද්වීපාර්ශවීය විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් අපට ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා.
ඒ වගේම අප මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබදව විශේෂ අවධානයක් යොමු කලා. එහිදී අපට ද ජනප්‍රිය දේශපාලනයේ යෙදෙමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ජනවාරී මාසයේ සිට ලබාදීමට තිබුණා. නමුත් අප එවැනි ජනප්‍රිය දේ වෙනුවට නිවැරදි ක්‍රියා මාර්ගය තෝරා ගත්තා. රටේ ආර්ථිකයට නැවත පීඩනයක් ඇති නොවන ලෙස මෙම කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා වගබලාගනු ලැබුවා.
ඒ වගේම මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබදව මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඔවුන් යළි නගා සිටුවීම සදහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර තිබෙනවා. එය කොටස් දෙකකට සිදු වනවා. එහිදී ඇපකර ලබාදීමට අවශ්‍ය ආයතනය මුදල් අමාත්‍යාංශය යටතේ ජනවාරී මාසයේ පිහිටු වනවා. ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් සහ සහන පොලිය යටතේ මූල්‍ය පහසුකම් ලබාදීමට තවත් රුපියල් මිලියන 50ක මුදලකුත් වැය කිරීමට බලාපොරොත්තු වනවා. මෙම සහන පොලිය තනි ඉලක්කමක පොලී අනුපාතයක් බවට පත් කිරීමට ද අප බලාපොරොත්තු වනවා.
ඒ වගේම ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, සින්නක්කර ඔප්පුවක හිමිකම ලබාදීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ද මෙවර අයවැයේ දී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම අපගේ අරමුණයි. එහිදී 1.8 % ක ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම අපගේ මූලික අරමුණ වනවා.
ජනාධිපතිතුමා ජනතාවගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. ජීවත් වීමටත් අවදානමක් තිබුණු රටක අප විසින් ඉදිරිපත් කළ අයවැයටත් විරුද්ධ වූ අය හිටියා.
නමුත් අද රට අද තිබෙන ස්ථාවරත්වයට පත්වුණේ පසුගිය අයවැය නිසා බව කිව යුතුයි. ක්‍රිකට් වෙනුවෙන් එකතු වුණු පාර්ලිමේන්තුවේ සාමාජිකයින් මිලියන 22ක් වන රටේ ජනතාවගේ ආර්ථිකය වෙනුවෙන් එකතු වන බවක් අප දුටුවේ නැහැ. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි. අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටවත් විපක්ෂ නායකවරයාට සදාචාර සම්පන්න අයිතියක් තියනවා කියා මම හිතන්නේ නැහැ.
ඒ වගේම ආදායම් බදු එකතු කිරීමේ ජාලය ඇතුළු රාජ්‍ය අදායම් එකතු කිරීම කඩිනමින් පුළුල් විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාව නැවත ආර්ථික අර්බුදයකට ගමන් නොකරන බව සහතික විය හැකියි.
Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News2 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News4 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?