ජනාධිපතිවරයාගේ වවුනියාව සංචාරය අතරතුර විරෝධතාවයකට එක්වු අවස්ථාවේ අත්අඩංගුවට ගත් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයින් නිදහස් කරන ලෙසට ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(08) විරෝධතාවයක නිරතවිණ.
මුලතිව් ශාන්ත පීතර දේවස්ථානය අසළින් ආරම්භ කළ විරෝධතා පාගමන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සංදේශයක්ද භාරදීම සිදුකළහ.
ජනාධිපතිවරයා වවුනියාව දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වන අවස්ථාවේ ජනාධිපතිවරයා ගමන්ගන්නා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වු වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සභාපතිනි ශිවනාදන් ජෙනිටා මහත්මිය ඇතුළු තවත් ක්‍රියාකාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
අත්අඩංගුවට ගත් අතුරුදහන්වූවන්ගේ සංගමයේ ක්‍රියාකාරිනියන් නිදහස් කරන ලෙසට ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මුලතිව් නගරයේ පාගමනින් ගමන්කොට,මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සංදේශයක්ද භාරදුණි.
විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ නිදහසේ විරෝධතා පැවැත්වීමට වන නිදහස උදුරා නොගන්නා ලෙසයි.
විරෝධතාවය වෙනුවෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
(වවුනියාව මාධව කුලසූරිය)




