ශ්‍රී ලංකා – එක්සත් රාජධානි රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා රාජකීය ඈන් කුමරිය මෙරටට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව කුමරිය මෙරටට පැමිණෙන අතර ඇය එළඹෙන 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව ද මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here