කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඩුබායි බලා පිටත් වීමට සූදානම් වූ යානයක සිටි මගියෙක් බිමට පැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යානයේ මගීන් ඔවුන්ගේ ආසනවල වාඩි වී සිටිය ද එක් මගියෙක් පමණක් තම අසුනේ වාඩි වී සිට නොමැති අතර පසුව හදිසියේම ඔහු ගුවන් යානයේ දොර විවෘත කර පහළට පැන ඇති බව සඳහන් වේ.
මොහු අඩි 20ක් පමණ උසකින් පැන ඇති බවත් පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් ඔහුගේ දිවි බේරාගෙන රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා ගුවන් යානයෙන් පැනීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.