කළුතර නාගස්හංදිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුල අද (9) අළුයම ඇමරිකන් ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇමරිකන් ජාතික 67 හැවිරිදි ගෝල්ඩ් හන්ච් ටොල්බර්ට් පුද්ගලයෙකි.
හෝටල් කළමනාකාරීත්වය විසින් පොලිසියට දැනුම්දීමකට අනුව හෝටලයේ අංක 324 දරන කාමරයේ ඇද මත මියගොස් සිටි සිරුර හමුවූ බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව කළුතර කොට්ඨාස අපරාද ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කරනු ලබන අතර
වැඩිදුර විමර්ශන කටයුතු කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
(ගල්පාත චන්දන පෙරේරා)