ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරගය කඩුළු 2කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 45 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 208 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Craig Ervine ලකුණු 82 ක් හා Ryan Burl ලකුණු 31 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂ්මන්ත චමීර හා ජෙෆ්රි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමපන්දුවාර 49 තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.
ජනිත් ලියනගේ ලකුණු 95ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Richard Ngarava කඩුළු 5ක් බිද හෙලුවා.