මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දළුපිටිය කැන්ඩා නැමැත්තාගේ සමීපතමයකු වන පංචි අයිස් මත් ද්‍රව්‍ය සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 760 ක් ජංගම දුරකථනයක්, මුදලින් රුපියල් 72,000 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඉහල බියන්විල, කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වන පංචි නම් අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වල දී කඩවත කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දළුපිටිය කැන්ඩා නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු බවත්, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනිම පිලිබදව මහාධිකරණයේ  නඩු 02 ක් දැනට විභාග වෙමින් පවතින බවත්, පොලිසිය විසින් මොහු පිලිබදව විමර්ශනය කරමින් සිටින බැවින් මොහු ප්‍රදේශයෙන් පලාගොස් ඉතා සුක්ෂම ආකාරයට සැගවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය විය.

(අම්බලන්ගොඩ අනුරාධ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here