කොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර ඊයේ (09) රාත්‍රී 9.30 ට පමණ සිදුවූ දැවැන්ත  නාය යාම හේතුවෙන් මාර්ගය වැසී ඇති කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු  අයහපත් කාලගුණය  මධ්‍යයේ සහ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අද (10) අලුයම දොළහයි තිහ පමණ වන විට තාවකාලිකව නතර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් .උදය  කුමාර මහතා පැවසීය.

මෙසේ මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන්  ඇටම්පිටිය මාර්ගය හරහා හාලිඇල බදුල්ල හෝ දෙමෝදර ඉස්පිරිං වැලි මාර්ගය හරහා බදුල්ල යන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  රියදුරන්ට දැනුම්දෙයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here