මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බවත් දූෂිත පාලකයන් විසින් සෑම අංශයකින්ම හොරකම් සිදු කළ පසු රට බංකොලොත් වූ බවත් ඒ බංකොලොත් භාවය තුළ දූෂිතයන්ගෙන් එම මුදල් නැවත අය කර ගන්නවා වෙනුවට දූෂිතයන් ආරක්ෂා කරමින් රටට අහිමි වූ මුදල් ජනතාව පීඩාවට පත් කර ලබා ගන්නා බවත් එම නිසා මෙම වැට් බද්ද දූෂිත බද්දක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 62 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එකවෙමිනි.
එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජනාධිපතිවරයා මේ දිනවල දිරච්ච ලනු කන බවත් රතු මුහුදේ හූති කණ්ඩායමේ ප්‍රහාර නිසා අපේ රටේ බඩු මිල වැඩි වන නිසා මෙරට නාවික හමුදාව යොදවා රු මි. 250ක් වියදම් කර එම හූති සටන් කාමීන්ට විරුද්ධව සටන් කළ යුතු බව පැවසූ බවත් ලෝකයේ දියුණු රටවල් තිබියදී මේ බංකොලොත් රට එවැනි දෙයක් සිදු කරන්න පෙළඹෙන්නේ ඇයිද කියා පුදුම සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.