ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here