දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිම්බාවේ සමඟ පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (21) සමත් වුණා.

ඒ, තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවාර 48යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාවේ කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 89ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here