සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගය අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරහැර දැමීමට සිදු වූ අතර දෙවන එක්දින තරගය කඩුළු 2කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here