දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.