සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් වේ.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000 ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වුණා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, E.C.G .ශිල්පීන්, E.E.G ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට එක්ව සිටි.