යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

රතු මුහුදේ වෙළෙඳ නෞක‍ාවලට හූතී කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර මැඩපැවත්වීමේ අරමුණින් එම ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අනුව යේමනයේ අගනුවර වන සානා වෙත ද ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

මීට අමතරව හූති කැරලිකරුවන්ගේ රතු මුහුදේ බලකොටුව වන හුඩයිඩා වරායට ප්‍රහාර එල්ල කර ඇතැයි සඳහන් වේ.

හූති සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ අවි ගබඩා ඉලක්කවලට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here