බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගර වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රණ් මාලය කඩා පලගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන් විසින් අල්ලා බගවන්තලාව පොලිසිය වෙත (10) දින පස්වරුවේ භාරදුන් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.
හංවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා අවු 26 සහ 27 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නගරය වෙත පැමිණෙමින් සිටි තරුණියකගේ ගෙල බැදි රු ලක්ෂ දෙකක් පමණ වටිනා රණ් මාලය කඩාගෙන යතුරුපැදියෙන් පලා යන අවස්තාවේ කාන්තාව විසින් කෑගසා ඇති අතර , එම අවස්තාවේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් එක සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර , අනෙක් සැකකරු පලාගොස් තේ වත්තේ සැගව සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේද සහය ඇතිව සෙසු සැකකරු අල්ලාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කරන අවස්තාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් , ජංගම දුරකථනයක් තිබි හමු වු බවත්, සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වුවන් බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා (11) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)