ඊයේ (27) රාත්‍රියේ ලොරියක් මාර්ගය හරහා පෙරළීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා ගොඩගම අතර රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර තිබෙනව.

මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ දෙපසට ම, වාහන ධාවනය කෙරෙන බවයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ.

අදාළ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here