දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි.
ඊට අදාළ දුර්ලභ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන් සිය ගණනක් ඉදිරියේ එරට බලධාරීන් විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය එහි දැක්වෙනවා.