මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

මෙම වැඩසටහනෙහි පළමු අදියර මෙම මස 26 වැනිදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here