නාරම්මල – දම්පලස්ස ප්‍රදේශයේ දී අණ නොතක ධාවනය කළ ලොරි රථයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
පොලිස් අණ නොතකා ධාවනයවූ කුඩා ලොරි රථයක් හඹාගොස් නවතා පසුව අදාළ රියදුරාව පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් අදාළ රියදුරාට වෙඩිවැදී ඔහු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.