බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති චීවරධාරියා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” චීවරධාරියා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.